විදුලිබල නිෂ්පාදනය යථාතත්ත්වයට පත්වන තෙක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ වැඩපිළිවෙලක් කි්‍රයාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි මාස 3 ක කාලයේදී සියළු නිවෙස්වල විදුලි පහන් දෙකක් නිවා දැමීම මෙන්ම රාජ්‍ය ආයතන, ආගමික හා වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනය සියයට 10 ක ප‍්‍රමාණයකින් අඩු කිරීම සදහා ජනතාව හා ආයතන දැනුවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඊට අමතරව අනවශ්‍ය වීථි පහන් නිවා දැමීම සහ සාමාන්‍ය දිනවලදී විථී පහන් නිවාදමන වේලාවට පැයකට පෙර සියළු වීථි පහන් නිවා දැමීමටද අවධානය යොමුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා.