News Line| Off Air
Generic placeholder image

Mar
27

විමල්ට එරෙහිව පැවරූ නඩුවක් කල්යයි

829 Views


විමල්ට එරෙහිව පැවරූ නඩුවක් කල්යයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවක් ජූලි මස 29වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

වසර 06ක කාලයක් තුළ සිය ආදායමෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75ක් පමණ වටිනා මුදල් සහ දේපළ අයථා ආකාරයට උපයා ඇතැයි පවසමින් අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව එම නඩුව පවරා තිබෙනවා.

අදාළ නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ඉදිරියේයි.

මෙම නඩුවේ පරිගණක සාක්ෂි වශයෙන් නම් කර තිබෙන ආයතන 08ක පවතින පරිගණක පද්ධති පරීක්ෂා කිරීම සඳහා විත්ති පාර්ශවයට අධිකරණය අද අවසර ලබා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post