දෙහිවල පොලිස් වසමේ දෙහිවල ගාලු පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.
මෙම ගින්න අද(28) අළුයම 00.25ට පමණ හට ගෙන තිබෙනවා.
මෙය දැනගත් වහා ක්‍රියාත්මක වු දෙහිවල පොලීසිය, දෙහිවල ගිනි නිවිමේ ඒකකය ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබෙනවා.
ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.
සිදුවු ආලභයද මේ වන තෙක් තක්සේරු කර නොමැති අතර, දෙහිවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.