News Line| Off Air
Generic placeholder image

Mar
28

අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයාගේ සේවය අත්හිටුවයි

675 Views


අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයාගේ සේවය අත්හිටුවයි

ගායක නදීමාල් පෙරේරා සමඟ පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුමාර නැමැත්තාගේ සේවය අත්හිටුවා තිබේ.

නොදන්වා විදේශ ගතවීම හේතුවෙන් මෙලෙස සේවය අත්හිටුවා ඇති අතර, මොහු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් ප්‍රකාශ කළේ.

ඊයේ දිවයිනට පැමිණීමෙන් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මොහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළා.

අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදුන් සැකකරු එහිදී අත්අඩංගුවට ගත් අතර, තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි එම කොට්ඨාශය සඳහන් කළේ.

කළුතර – එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල නායක අරුණ දමිත් උදයංග හෙවත් සමයං ඇතුලූ පුද්ගලයින් හත් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මොහු සම්බන්ධ බවට පොලීසිය සැක කරනවා.

අදාළ ප්‍රහාරය මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කා නැමති පාතාල නායකයින් විසින් සිදුකළ බවටයි හෙළිවුණේ.

ප්‍රහාරය සිදුවූ 2017 වසරේ පෙබරවාරි 27 වනදා මොහු කළුතර බන්ධනාගාරයේ සේවය කර ඇති අතර, බස් රථය සම්බන්ධයෙන් තොරතුරු ලබාදී ඇත්තේ මෙම පුද්ගලයා බවට ලැබී ඇති තොරතුර මත ඔහුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි කොළඹ අපරාධ කොට්ඨාශය කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post