News Line| Off Air
Generic placeholder image

Mar
29

ඇමෙරිකාව හුදෙකලා වෙයි

805 Views


ඇමෙරිකාව හුදෙකලා වෙයි

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී හුදෙකලා වී තිබෙනවා.ඒ සිරියා ඊශ්‍රායෙල දේශ සීමාවේ පිහිටි ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීමට ඇමරිකානු ජනාධිපතිවරයා පියවර ගැනීම හේතුවෙන්.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ඛෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකාවේ සංචාරය යෙදුණු අතර ඔහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගනිමින් ගිවිසුමකට අත්සන් තැබූණා.

ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීමත් නීතිවිරෝධී ලෙස ගෝලාන් කඳුකරය ග්‍රහණය කරගැනීම සාධාරŒය කිරීමත් යන කරුණු නිසා දරුණු ප්‍රතිවිපාක විදීමට සිදු වනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යුරෝපීය සාමාජිකයන් සදහන් කලේ .
ඇමෙරිකාවේ තීරණය ආරක්ෂක කවුන්සිලයේ යෝජනා සහ නිර්දේශ බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව ආරක්ෂක කවුන්සිලයට ලිපියක් යොමු කරමින් සිරියාව සඳහන් කලා.

ගෝලාන් කඳුකරය නැවත අත්පත් කරගැනීමේ සිරියානු ආණ්ඩුවේ සහ එරට ජනතාවගේ අරගලයට උපරිම සහාය දෙන බවයි සිරියාවේ මිත්‍ර රටක් වන උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඊශ්‍රායලය 1967 වසරේ පැවැති මැද පෙරදිග යුද්ධයේදී ගෝලාන් කඳුකරය අල්ලා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post