රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 08දෙනෙකුට පමණ දිවි අහිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
පොලිස් මූලස්ථානයේ ඊයේ(29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ මාර්ග අනතුරු රැසකට රියදුරන් මෙන්ම පදිකයින්ද වගකිය යුතු බවයි.
රිය අනතුරුවලින් ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගෙන් වැඩිපුර ප්‍රමාණයක් සිටින්නේ යතුරු පැදිවල පැදිකරුවන් සහ පසු පැදිකරුවන් බව පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මේ අතර පදිකයින්ද රිය අනතුරුවලින් වැඩි වශයෙන් මිය යන අතර එයට පදිකයින්ද වගකිවයුතු බව රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.