News Line| Off Air
Generic placeholder image

Mar
29

ලසිත් මාලිංග මුම්බායි පිලට ජය ගෙනෙයි

1814 Views


ලසිත් මාලිංග මුම්බායි පිලට ජය ගෙනෙයි

ප්‍රධාන විනිසුරු අතින් සිදුවූ අතපසුවීමක් හේතුවෙන් වසර දෙකකට පසු පළමු වරට සහභාගි වූ අයි පී එල් තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය හිමිකර දීමට ලසිත් මාලිංග සමත් වුණා. ඊයේ රාත්‍රියේ පැවති තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ලකුණු 187 ක් රැස් කළ අතර ප‍්‍රතිවාදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 181ක් පමණයි.

තරගයේ ජයග‍්‍රහණය සදහා බැංගලෝර් කණ්ඩායමට අවසන් පන්දු වාරයේදී ලකුණු 17 ක් රැස්කර ගත යුතු වූ අතර ලසිත් මාලිංග එම පන්දුවාරය ක්‍රියාත්මක කළා. අවසන් පන්දුවේදී ලකුණු 7 ක් ලබාගත යුතු වූ අතර මාලිංග යොමුකළ පන්දුවට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණයි. පසුව නිරීක්‍ෂණය කිරීමේදී දැකගත හැකි වූයේ එය නිපන්දුවක් බවයි. එහෙත් ප‍්‍රධාන විනිසුරු එය නිපන්දුවක් ලෙස නොදැකීම පසුව දැඩි කතා බහට ලක් වුණා.

මාලිංගගේ අවසන් ඕවරය පහත ලින්ක් එකෙන් නැරඹිය හැක.

https://www.iplt20.com/video/156538/lasith-malinga-s-extraordinary-final-over


News Articles
Latest Videos
Most Popular Post