News Line| Off Air
Generic placeholder image

Mar
29

පරාද වූ අමාත්‍යාංශ වැය ශීර්ෂ ඉක්මනින් යළි පාර්ලිමේන්තුවට

700 Views


පරාද වූ අමාත්‍යාංශ වැය ශීර්ෂ ඉක්මනින් යළි පාර්ලිමේන්තුවට

අයවැය කාරක සභා අවස්ථාවේදී ඊයේ(28) දිනයේ පරාජයට පත්වූ අමාත්‍යාංශවලට අදාල වැය ශීර්ෂ කඩිනමින් යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවනවා.

අද(29) අයවැය විවාදය ආරම්භයට පෙර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ 13වන දිනය වන ඊයේ(28) දිනයේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන සහ මහනගර හා බස්නාහිර සංවර්ධන යන අමාත්‍යංශ වල වැයශීර්ෂ විවාදයට ගැනුණි.

විවාදයෙන් අනතුරුව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ වැයශීර්ෂය සම්බන්ධයෙන් විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී අදාල අමාත්‍යශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 20ක්ද විපක්ෂව ඡන්ද 38ක්ද හිමිවුණේ එය වැඩි ඡන්ද 18කින් පරාජයට පත්කරමින්.

අනතුරුව පළාත් සභා , පළාත් පාලන අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු යන සම්පූර්ණ අමාත්‍යශයේම වැය ශීර්ෂය සඳහා එකට ඡන්දය පවත්වැන්නැයි විපක්ෂය කළ ඉල්ලීමට අනුව අමත්‍යංශයේම වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් සිදුකෙරුණි.

එහිදී වැය ශීර්ෂවලට පක්ෂව ඡන්ද 23ක්ද විපක්ෂව ඡන්ද 38ක්ද හිමි වූ අතර ඒ අනුව එය වැඩි ඡන්ද 15කින් එම වැය ශිර්ෂය ද පරාජයට පත්විය.

ඉන් අනතුරුව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂය පිළිබඳව ඡන්ද විමසීම සිදුකෙරුණි.

එම වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 24ක්ද විපක්ෂව ඡන්ද 38ක්ද හිමි වූ අතර එයද වැඩි ඡන්ද 14කින් පරාජයට පත්විය.

මෙම ඡන්ද විමසීම් පැවැත්වෙන අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සභාවේ නොසිටි අතර සභාවේ සිටි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වැය ශීර්ෂවලට පක්ෂව ඡන්දය භාවිතා කළේය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහික අබේගුණවර්ධන මහතා අද පෙරවරුවේ මාධ්‍යවෙත අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.


News Articles
Latest Videos
Most Popular Post