News Line| Off Air
Generic placeholder image

Mar
30

A නවයට වගේම W නවයටත් උසස් පෙළ වරම්

1526 Views


A නවයට වගේම W නවයටත් උසස් පෙළ වරම්

අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවද දැන් අපොස උසස් පෙළ හැදෑරීමට දරුවන්ට අවස්ථාව උදා කර දී තිබෙනවා. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය  යන මැයෙන් ක්‍රියාත්මක වැඩපිලිවෙල යටතේයි මෙම පහසුකම සැළසී ඇත්තේ.

අනාගත අභියෝගවලට ජයගත හැකි වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කරගනිමින් පොදු විෂය මාලාවකින් හා නව වෘත්තීය විෂයන් 26 ක් ඇතුළත් වැඩසටහනක් මේ යටතේ ක්‍රියාත්මක වනවා. මෙම පාඨමාලාව සදහා ප්‍රායෝගික පුහුණු අවස්ථා සළසාදීම ද විශේෂත්වයක්. සිසුන්ට මෙම අධ්‍යාපනය ලැබීම සදහා අවශ්‍ය විද්‍යාගාර උපකරණ, පරිගණක කාමර, ලී බඩු ඇතුළු යටිතල පහසුකම්  සහිතව සුහුරු පන්තිකාමර දැනටමත් ක්‍රියාත්මකයි. ව්‍යාපෘතියේ නියමු වැඩසටහන 2017 වසරේ සිටි ක්‍රියාත්මක අතර සියලු පලාත් නියෝජනය වන පරිදි පාසල් 43 ක් ඒ සදහා තෝරා ගැනුණා.

මෙසේ අපොස සාමාන්‍ය පෙළ සමත් වන හා අසමත් වන දරුවන්ට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයේදී ඥායාත්මක මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරනම්වල නිතර වීමේ අවස්ථාව උදා වනවා. අනතුරුව තමන් ලැබූ දැනුම අනුව පුහුණුව ලැබීමේ අවස්ථාව හිමි වීමද විශේෂත්වයක්. මේ සියල්ල අවසානයේ එන්.වී.කියු 4 වන මට්ටමේ සහතිකය හිමිකර ගැනීමට හැකි වනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා ගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post