අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය පෙරවරුවේ සිට නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.
අවසන් කටයුතු ලබන අඟහරුවාදා (02) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරිමටයි නියමිත. මියයන විට ඒ මහත්මියගේ වයස අවුරුදු 79 ක්.
1939 වසරේ මාතරදී උපත ලැබූ ඇය 1958 වසරේදී සොහොයුරෝ චිත‍්‍රපටයෙන් චිත‍්‍රපට පසුබිම් ගායනයට එක්වුණා. පාට පොඳක් තිලකලා, සිරිපානා, හදවිමන් දොරෙන්, පෙම්වතියන්නේ ඇතුලු ගීත පන්දහසකට වැඩි සංඛ්‍යාවක් ඇය ගායනා කර තිබීම විශේෂත්වයක්. රණ තිසර සම්මානය, යූ ඩබ්ලිව් සුමතිපාල සම්මානය ඇතුලු ඇගයීම් රැසකින් ද ඇය පිදුම් ලැබුවා.