News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
31

මෙරට ප‍්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද විවෘත වෙයි

705 Views


මෙරට ප‍්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද විවෘත වෙයි

කොට්ටාව මාකුඹුර ප‍්‍රදේශයේ ඉදිවූ මෙරට ප‍්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද (31) පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

බස්රථ හා දුම්රිය පර්යන්ත දෙකකින් හා රථ වාහන ගාල් කිරීමේ පහසුකම් ද සහිත මෙම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 2,000ක් බ්ව සඳහන් වේ. මහරගම නගරයෙන් ගමන් ආරම්භ කෙරෙන සියලූ අධිවේගී මාර්ග බස්රථ හෙට (01) සිට මෙම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන බවයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති සහ මාධ්‍ය අධ්‍යක්‍ෂ ධනුෂ්ක රාමනායක පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post