යාපනය ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 13 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලීසිය ප්‍රකාශ කරනවා.
පොලීසිය පැවසූවේ කේරල ගංජා කිලෝග්‍රෑම් 12 ක් සමඟ යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු හා කේරළ ගංජා කිලෝග්‍රෑමයක් සමඟ තවත් පුද්ගලයෙකු යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ඊයේ(31) අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.
යාපනය වැල්වැටිතුරෙයි හා අරියාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් තිරුනෙල්වේලි පොලිසිය හා යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.