News Line| Off Air
Generic placeholder image

Apr
1

මාතලේ ගින්නක්

552 Views


මාතලේ ගින්නක්

මාතලේ පොලිස් වසමේ පන්සල තැන්න කන්දේ හදිසි ගින්නක් හට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ(31) දින දහවල් 1ට පමණ මෙය හට ගෙන තිබේ.

මාතලේ පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු පොලීසිය, මාතලේ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, උකුවෙල යුද හමුදා කඳවුරේ නිලධාරීන්, ගුවන් හමුදා හෙලිකොප්ටර් රථ හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න පාලනය කර තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


News Articles
Latest Videos
Most Popular Post