News Line| Off Air
Generic placeholder image

Apr
1

බස්නාහිර පළාතේ සියළු පෞද්ගලික බස් රථ සඳහා නීති දැඩි වෙයි

911 Views


බස්නාහිර පළාතේ සියළු පෞද්ගලික බස් රථ සඳහා නීති දැඩි වෙයි

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ දැයි සොයා බැලීමටත් මගීන්ට ප‍්‍රවේශ පත‍්‍රයක් ලබාදෙනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙනුත් අද (01) සිට පුළුල් මෙහෙයුමක් සිදුකෙරෙනවා.මගීන්ට ප‍්‍රවේශපත‍්‍රයක් ලබාදීම අනිවාර්ය වුවත් මේ වනවිට එය නිසි පරිදි සිදු නොවන බවද සභාපතිවරයා පැවසුවා.

බස්නාහිර පළාතේ සියළු පෞද්ගලික බස් රථ සඳහා ලබාදී ඇති වර්ණයට පිටින් යමින් වෙනත් වර්ණයක් භාවිතා කර තිබේනම් ඒවා වහා නිවරැදි විය යුතු බවද ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ද අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව අද සිට ලබාදෙන මාස තුනක සහන කාලය තුළදී සියළු පෞද්ගලික බස් රථ අදාළ පැහැය ගැන්විය යුතුයි.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න සඳහන් කළේ බස්රථ සේවකයින්ට ලබාදී ඇති නිල ඇදුමද අද සිට දැඩිව පරීක්‍ෂා කරන බවයි.

බස්නාහිර පළාත තුළ මාර්ග 435 කට වැඩි ප‍්‍රමාණයක ධාවනය කෙරෙන මුළු බස් රථ සංඛ්‍යාව 6,000 ක් පමණ වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post