News Line| Off Air
Generic placeholder image

Apr
1

කුවේට් ගිහින් දුක් වින්ද ලාංකීකයන් 57ක් යළි දිවයිනට

536 Views


කුවේට් ගිහින් දුක් වින්ද ලාංකීකයන් 57ක් යළි දිවයිනට

තම හාම්පුතුම්න්ගෙන් විවිධ හිරිහැර ලැබූ ලාංකික කාන්තාවන් 57 දෙනෙකු කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කර අද උදෑසන කටුනායක ගුවන් තොටුපල වෙත එවා තිබෙනවා. එම 57 දෙනා අතරින් 09 ක් පිරිමි වූ අතර , ඉතිරි 48 දෙනා කාන්තාවන් වූවා.

මෙම පිරිස අද දින උදෑසන 6.15 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් පැමිණ තිබුණා අතර මොවුන් පිරිස කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රඳවා තබා ගෙන සිටි අයයි. කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස භාර ගත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්,ඔවුන්ට තම නිවෙස් කරා යෑමට දීමනාවක් ලබා දී පිටත් කර හැරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post