News Line| Off Air
Generic placeholder image

Apr
1

යුද්ධය සම්බන්ධයෙන් හමුදාපතිවරයාට සරත් ෆොන්සේකාගෙන් චෝදනා

553 Views


යුද්ධය සම්බන්ධයෙන් හමුදාපතිවරයාට සරත් ෆොන්සේකාගෙන් චෝදනා

කඩවත දළුපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්යු ද්ධය නිම වීමෙන් පසු සිදු වූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නිසි දඩුවම් ක්‍රියාත්මක නොකළහොත් ජාත්‍යන්තර ඇඟිලි ගැසිම් වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා.

විග්නේෂ්වරන් හිටපු මහ ඇමතිවරයා පසුගිය යුද සමයේ සිදු වු යුද අපරාධ සම්බන්ධයෙන් සෙවීමට විදේශීය විනිසුරුවන් අවශ්‍යයි යැයි පැවසීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, හිටපු මහ ඇමතිවරුයෙක් වශයෙන් ලංකාවේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විදෙස් විනිසුරුවන් ඉල්ලා සිටීම ලැජ්ජාවට කරුණක් බව ප්‍රකාශ කළා.

යුද්ධයෙන් පසුව සිදුවු ඇතැම් සිදුවීම් ගැන පැමිණිලි ඇතැත් ඒවාට යුද්ධයෙන් පසු සිටි හමුදාපති නිසැකයෙන්ම වගකිව යුතු බව ද සරත් ෆොන්සේකා මහතා පවසා සිටියා.

නාවික හමුදාපතිවරයාට කරපු සමහර අපරාධවලට වගකීමට අද වන විට සිදුව ඇති බවත්, එවැනි පුද්ගලයින් කීපදෙනෙක් වැරදි කරපු අය සිටින බවත්, ඔවුන්ට රටේ නීතිය හරහා දඩුවම් ලබා දෙනු ඇතැයි ද ෆොන්සේකා මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ඒ අයට අවශ්‍ය පියවර නොගත්තොත් ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් එන එක නැවැත්විය නොහැකි බවත්, කරන්නාගොඩ මහතා වැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේදී සිදුවන ඇතැම් දේ තමා ද අනුමත නොකරන බව එතුමා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post