අද (01) සිට 2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත්ර නිකුත් කිරීම සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒ, විදේශ රටවල භාවිතය සහ දේශීය භාවිතය සඳහායි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මාධ්‍ය වෙත කියාසිටියේ මෙම සහතික පත‍්‍ර එක්දින සේවාව යටතේ ලබාගත හැකි බවයි.
තවද, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අපේ‍්‍රල් 12 වෙනිදාට පෙර අයදුම්පත් යොමු කරන ලෙසයි.