ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ආරුගම්බේ, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (31) පොතුවිල් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කංසා ග්‍රෑම් 910 ක් සමඟ පුද්ගලයෙකු මෙම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ විකිණිම සඳහා කංසා ළඟ තබා ගෙන සිටිය දීයි. ඔහු සතුව තිබි ත්‍රිරෝද රථයක් ද නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.මේ පුද්ගලයා වයස අවුරුදු 30 ක් වන පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඉදිරි පරික්‍ෂණ කටයුතු ආරුගම්බේ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් සිදු කරනු ලැබුවා.