News Line| Off Air
Generic placeholder image

Apr
2

රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා අද සිට නව සැලැස්මක්

856 Views


රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා අද සිට නව සැලැස්මක්

රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා අද සිට නව සැලැස්මක් හඳුන්වා දෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.ඒ රාජගිරිය ප්‍රදේශයේ පවතින අධික රථ වාහන තදබදයට විසඳුමක් ලෙසයි.

රාජගිරිය සිට කොළඹ දක්වා පැමිණීමේ දී ආයුර්වේද වටරවුම ආශ්‍රිතව බාධාවන් පවතින බව හඳුනාගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මාර්ගයේ වම් මංතීරුවෙන් පැමිණෙන බස් රථ ආයුර්වේද වටරවුම හරහා කොටා පාරට හැරවීමේ දී රථ වාහන හැසිරවීමට බාධා ඇතිවන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කලේ.

මීට විසඳුමක් ලෙස පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන බස් රථ රාජගිරිය ගුවන් පාලම යට වැලිකඩ හන්දියෙන් කොටා පාරට හරවා කොටා පාර ඔස්සේ ආයුර්වේද මංසන්ධිය දක්වා ධාවනය කිරීමට යෝජනා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post