News Line| Off Air
Generic placeholder image

Apr
2

වධ හිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව අද ලංකාවට

486 Views


වධ හිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව අද ලංකාවට

වධ හිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සංචාරයට එක්වන අතර ඔවුන් මෝල්ඩෝවා, මුරුසිය, සයිප්‍රස් සහ පිලිපීනය යට රටවල්වලට අයත්.

පෙබරවාරි මස 18 වන දින සිට 22 දක්වා පැවති සැසි වාරයකදී වධ හිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව විසින් මෙරටට කණ්ඩායමක් එවීමට තීරණය කළා.

දිවයිනට පැමිණෙන දූත පිරිස මෙරට රාජ්‍ය නිලධාරීන්, මානව හිමිකම් කොමිසම සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ස්වාධීන ජාතික නිවාරණ යාන්ත්‍රණයක් සකස් කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව වධ හිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව ආර්ජන්ටිනාව සහ පලස්තීනය යන රටවලද සංචාරය කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post