News Line| Off Air
Generic placeholder image

Apr
2

වධක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට

574 Views


වධක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට

වධක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ තෝරාගත් අයඳුම්කරුවන් 79 දෙනෙකු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි.

අයඳුම්කරුවන් 79 දෙනා අතරින් වධක තනතුර සඳහා සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරාපත්කර ගැනීම සිදු වනවා. වධක තනතුර සඳහා ලැබී තිබු අයදුම්පත් ගණන 102ක්.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් එම අයදුම්පත්‍ර සලකා බැලීමේන් අනතුරුව ඉන් 79ක් තෝරාගෙන තිබුණා. මරණ දඩුවම දිය යුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නාම ලේඛනය ලැබී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. නුදුරේදීම මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post