News Line| Off Air
Generic placeholder image

Apr
3

අර්බුදය විසඳන තෙක් කැබිනට් රැස්වීම් වලට සහභාගී වෙන්නෙ නෑ – ජනපති

959 Views


අර්බුදය විසඳන තෙක් කැබිනට් රැස්වීම් වලට සහභාගී වෙන්නෙ නෑ – ජනපති

ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කලේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා අදහස් දක්වා ඇති බවයි.

රජයේ ආයතනයක් තවත් රජ්‍ය ආයතනයකට එරෙහිව නඩු පැවැරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ජනාධිපතිතුමා පවසා තිබෙනවා.

මෙවැනි ක්‍රියාවලින් එම ආයතන පිරිහීමට ලක්වනවා මෙන්ම පරිභෝගික ජනතාවද පීඩනයට පත්වන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කර ඇත්තේ.

මෙම අර්බුදය වහා විසඳා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post