News Line| Off Air
Generic placeholder image

Apr
3

ඉන්දියාවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට දැඩි තර්ජන

1369 Views


ඉන්දියාවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට දැඩි තර්ජන

අභ්‍යවකාශයේ වූ චන්ද්‍රිකාවක් චන්ද්‍රිකා නාශක මිසයිලයක් යොදාගනිමින් පුපුරවා හැරීමට ඉන්දියාව කටයුතු කිරීම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට දැඩි තර්ජනයක් බව නාසා ආයතනය පවසනවා.

ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානී ජිම් බ්‍රයිඩන් ස්ටයින් පවසන්නේ මේ හේතුවෙන් ඇති වූ සුන්බුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගැටීමේ සම්භාවිතාව 44%කින් ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තවමත් අනතුරුදායක මට්ටමකට පත්ව නොමැති බව පවසන ඔහු පෙන්වා දෙන්නේ, එය දැනට පවතින කක්ෂයෙන් ඉවත් කිරීමට සිදුවුවහොත් ඒ සදහා නාසා ආයතනය සූදානම් බවයි.

අභ්‍යවකාශයේ වූ චන්ද්‍රිකාවක් පුපුරුවා හැරීමේ තාක්ෂණය හිමි සිව්වැනි රට බවට පත්වූ බව මෙම අත්හදා බැලීම සමග ඉන්දියාව පසුගියදා කියා සිටියා.
මෙම මෙහෙයුම නම් කර තිබුනේ ශක්ති ලෙසයි.

මැතිවරණයද ඉලක්ක කර ගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පුමුඛ රජය මෙය සිදු කල බව ද දේශපාලක විචාරකයින් සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post