රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා බ්‍රිතාන්‍ය රජයට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ බ්‍රිතාන්‍යයන් ලංකාවෙන් රැගෙන ගිය වටිනා පුස්කොළ පොත් සහ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යුගයට අයත් පුරාවස්තු ආපසු දෙන ලෙස ඉල්ලමිනුයි. මේ නඩුව සඳහා බ්‍රිතාන්‍යයේ ශ‍්‍රී ලාංකික නීතිවේදිනියක් හා රාජ නීතිඥවරු දෙදෙනෙක් පෙනී සිටිනවා.
ලාංකාවට අයත් වෙන මේ පුරාවස්තු ලන්ඩන් කෞතුකාගාරයක තැන්පත් කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සමාව ගත යුතු බවද එම නඩුවේ සඳහන් කරනවා.