පරාජයට පත්වූ අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙලෙස ඉදිරිපත් කලේ රුපියල් බිලියන 287 ක පරිපූරක ඇස්තමේන්තුවක්.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, මහානගර හා බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා
අයවැය කාරක සභා විවාදයේ 11 වන දිනය අදයි.
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික ආගමික කටයුතු හා වැවිලි කර්මාන්ත කදුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ වල වැය ශීර්ෂ අද විවාදයට ගනු ලබනවා.