රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් වල පළමු පාසල් වාරය හෙටින් අවසන් වනවා. දෙවන පාසල් වාරය 22 වන සඳුදා ආරම්භ කිරීමට නියමිතයි.
මුස්ලිම් පාසල් සඳහා පළමු වාරය අප්‍රේල් ලබන 11 වන දින අවසන් වනවා. දෙවන පාසල් වාරය සඳහා අප්‍රේල් මස 17 වන බදාදා නැවත පාසල් ආරම්භ වනු ඇතී.
මේ අතර පාසල් වාරය අවසන් කිරීමට පෙර පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයට සියලූ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා. ඩෙංගු මදුරුවන් ගෙන් තොර පාසල් පරිශ්‍රයක් පවත්වා ගෙන යාම සඳහා මෙම පිරිසිදු කිරීම් සිදු කරන ලෙසට දැනුම් දී ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කලේ.
පාසල් සිසුන්, දෙමාපියන් ආදි ශිෂ්‍ය සංගම්, හා පාසල් සංවර්ධන සමිති සාමාජිකයින්ගේ දායකත්වය ඒ සදහා ලබා ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර ද පාසල් පරිශ්‍ර පිරිසිදු කර ගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.