News Line| Off Air
Generic placeholder image

Apr
5

අය වැය තුන්වන වර කියවීමේ විවාදයේ අවසන් දිනය අද

477 Views


අය වැය තුන්වන වර කියවීමේ විවාදයේ අවසන් දිනය අද

අද අය වැය තුන්වන වර කියවීමේ විවාදයේ අවසන් දිනයයි. අය වැය අවසන් ඡන්ද විමසීම අද පස්වරු 05 00 ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.

නිදහස් ශ්‍රී ලංකාවේ 73 වන අය වැය පසුගිය මාර්තු පස් වනදා පර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා. දෙවන වර කියවීමේ විවාදය දින 06 ක් පැවැත්වුණා.

අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණේ පසුගිය මාර්තු 12 වැනිදායි. එහිදී වැඩි ජන්ද 43 කින් එය සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 76 ක් පමණයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද පෙරවරුවේ පැවැත්වෙනවා. එහිදී අය වැය සඳහා ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

අයවැය ඡන්දය සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්වෙනවා.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස් වීමට නියමිතයි. අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිමට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙනවා.

අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධව ඡන්දය පාවිච්චි නොකරන්නේනම් නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සඳහා ඔවුන් සමඟ පවත්වන සාකච්ඡාවලින් වහාම ඉවත්විය යුතු බව එකාබද්ධ විපක්ෂයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

අයවැය ජන්ද විමසීම සම්භන්ධත‍යන් නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර පවතින සාකච්ඡා පිළිබදව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් පල කලා.

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කැබිනට් නොවන අමාත්‍ය ආචාර්්‍ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්.


News Articles
Latest Videos
Most Popular Post