ප්‍රදේශ 07කට අද සුර්්යයා මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව සදහන් කලේ අහුන්ගල්ල, ගනේගොඩ, කළුබෝවිටියාන, කැටවල, වළල්ගොඩ, සූරියවැව සහ ගල්කඩුව යන ප්‍රදේශ වලට දහවල් 12 .12ට මෙලෙස සුර්්‍යයා මුදුන්ව පවතින බවයි.ලබන 15වනදා දක්වා සුර්්‍යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතිනවා.එම තත්වය මත උනුසුම් කාළගුණික තත්වයේ තරමක වැඩි වීමක් සිදු විය හැකියි.
මේ අතර උණුසුම් කාලගුණික තත්ත්වය එළඹෙන මැයි මාසයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඉදිරි දිනවල වයඹ පළාත සහ ගම්පහ, මන්නාරම, වවුනියාව, මුලතිව්, අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවයි.
උනුසුම් කාලගුණයෙන් ඇති වන සෞඛ්‍ය බලපෑම් අවම කර ගැනීම සදහා හැකි තරම් ජලය පානය කරන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. සෙවන ඇති ස්ථානවල රැදී සිටීමත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් හැඳීම වැනි පියවර ගන්නා ලෙසයි දැනුම් දෙන්නේ. වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.
මේ දින වල චර්ම රෝග පැතිරී යාමේ අවදානමක්ද හට ගෙන තිබෙනවා.
දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට කට බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 21 127 ක්.