මැතිවරණ කොමෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය යොමු කර ඇත්තේ පලාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය පදනම කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලෙස ඉල්ලමින්. පලාත් සභා මැතිවරණය ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ සීමා නිර්ණ ඇගයීම් කමිටුවේ වාර්තා පමා වීමයි.
සීමා නිර්ණ වාර්තාව නොමැති විට දී පැරණි සීමා නිර්ණ වාර්තාවට අනුව පලාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබේද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ හැකි බව මැතිවරණ කොමිසමේ අදහස වී තිබෙනවා.
ආණ්ඩුුක්‍රම ව්‍යවස්ථාවේ 33 – 1 ඩී වගන්තියට අනුව මැතිවරණ කොමිසමේ උපදේශ මත ජනාධිපතිතුමා විසින් මැතිවරණය පැවැත්වීමට අදාළ වාතාවරණය සකස් කළ යුතුයි.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත අදාළ ලිපිය යොමු කර තිඛෙනවා
පලාත් සභා 06 ක නිළ කාලය මේ වන විට අවසන්. දකුණු පලාත් සභාවේ නිළ කාලය අවසන් වන්නේ ලබන 10 වනදායි. බස්නාහිර පලාත් සභාවේ නිළ කාලය ලබන 21 වනදා අවසන් වනු ඇති.