News Line| Off Air
Generic placeholder image

Apr
8

රාජස්ථානය පරදා ශාරුක්ගේ පිළට තවත් ජයක්

698 Views


රාජස්ථානය පරදා ශාරුක්ගේ පිළට තවත් ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අතර ජායිපූර්හිදී ඊයේ (7 වැනිදා) පැවැති තරගය කඩුලු 8 කින් ජයගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය.

කාසියේ වාසිය ලැබූ කොල්කටා කණ්ඩායමේ නායක දිනේෂ් කාර්තික් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 139 ක් රැස්කිරීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් පිල ඕවර 13.5 කදී කඩුලූ 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ ක්‍රිස් ලයන් පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත්වූ අතර සුනිල් නරේන් පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 47 ක් රැස්කිරීමට සමත්විය.


News Articles
Latest Videos
Most Popular Post