News Line| Off Air
Generic placeholder image

Apr
9

ගෝඨාට එරෙහිව ඇමෙරිකාවේ නඩු දෙකක්

752 Views


ගෝඨාට එරෙහිව ඇමෙරිකාවේ නඩු දෙකක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු දෙකක් පවරා ඇතැයි බීබීසී ලෝක පුවත් සේවය වාර්තා කරනවා.

එම වාර්තාවේ දැක්වුණේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දිය‚ය අහිංසා වික්‍රමතුංග මෙනෙවිය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා ඇති බවයි.

වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවත් මේ සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවන ලෙසත් ඇය නඩුව ගොනු කරමින් ඉල්ලා තිබෙනවා.

ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණ ව්‍යාපෘතිය හෙවත් අයි.ටී.ෙජ්.පී සංවිධානය ද කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා ඇතැයි බීබීසී ලෝක පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිය පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා මේ වන විට සුදානම් වන අතර ඔහු මේ දිනවල සිටින්නේ ඇමෙරිකාවේ යි.


News Articles
Latest Videos
Most Popular Post