News Line| Off Air
Generic placeholder image

Apr
9

ශ්‍රී ලංකා පොලිස් සේවාව ගැන ජනපතිගේ විශේෂ අවධානය

596 Views


ශ්‍රී ලංකා පොලිස් සේවාව ගැන ජනපතිගේ විශේෂ අවධානය

ශ්‍රී ලංකා පොලිස් සේවාව ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ඉහළ පිළිගැනීමක් ඇති සේවාවක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ කළුතර පොලිස් අභ්‍යාස ආයතනයේ කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ විසිරයාමේ පෙළපාළියට ඊයේ එක්වෙමින්.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයට පමණක් සීමා නොවූ ශ්‍රී ලංකා පොලිසිය මහජන සුබසාධන සේවාවන්වල දී ඉටුකරන මානුෂීය හා විශිෂ්ට මෙහෙවර ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් වුණා.

මේ අතර රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර ඊයේ ආරම්භ වුණෙඇ මඩකලපුව දිස්ති්‍රක්කය කේන්ද්‍රකර ගනිමින්.

ජනාධිපති කාර්යාලය මෙහයවන ජාතික සංවර්ධන ව්‍යාපෘති සහ සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම හා ඵලදායීව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ති්‍රක් මට්ටම දක්වා ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්‍රතිලාභ අත්කරදී මෙම වැඩසටහනේ අරමුණයි.

රාජ්‍ය ආයතනවලින් විසඳාගත යුතු මහජන ගැටලූ හඳුනාගෙන රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ උපරිම කාර්යක්ෂමතාවයෙන් එම ගැටලු විසඳීමට කටයුතු කිරීම ද මෙම වැඩසටහන හරහා සිදු කෙරෙනවා.

එහි පළමු වැඩසටහන පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණු අතර ඉදිරියේ දී දීප ව්‍යාප්ත ව දිස්ති්‍රක් මට්ටමින් වැඩසටහනක්‍රියාත්මක කරනු ඇති.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ම ආවරණය කරමින් අප්‍රේල් 12 වන දා දක්වා එහි දෙවන අදියර ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post