News Line| Off Air
Generic placeholder image

Apr
9

මේ අවුරුදු සමයේ ශොපින් කරන්න යන කාන්තාවන් දැනගත යුතුම කතාවක්

721 Views


මේ අවුරුදු සමයේ ශොපින් කරන්න යන කාන්තාවන් දැනගත යුතුම කතාවක්

අලුත් අවුරුද්දක් එනවා කිව්ව ගමන් ගොඩක් අයට මතක් වෙන්නෙ අලුත් දේවල්. අලුත් ඇඳුම්, අලුත් බඩු භාණ්ඩ, අලුත් කරපු ගෙවල්. අන්න ඒ නිසා අලුත් අවුරුද්ද අලුත් කරගන්න බලාගෙන අලුත් දේවල් වෙනුවෙන් ගොඩක් අය වෙහෙසෙනවා. එහෙම වෙහෙසෙන අය අතරෙ මුලට ඉන්නෙ කාන්තාවන්. ඉතින් සියත 24අපි හිතුවා අලුත් අවුරුද්දෙ ශොපින් යන කාන්තාවන්ට මතක තියාගන්න පොඩි කරුණු ටිකකි කියන්න.

01.අවුරුද්ද කියන්නෙ ඇඳුම් ගැනීමේ තරඟයක් නෙවෙයි

ගොඩක් අය අප්‍රේල් මාසෙ ලබපු ගමන් කරන්නෙ ශොප් ගානෙ ගිහින් ඇඳුම් ගන්න එක. ණය වෙලා සල්ලි හොයාගෙන හරි උදේ උදන් රෑ වෙනකන් ඇඳුම් ගන්න ක්‍රීඩාවක මේ දවස් වල ගොඩක් අය යොමු වෙලා තියෙනවා. අවුරුද්දට අලුත් ඇඳුමක් අදින්න ඕනි වුණත් අලුත් ඇඳුම් ගැනීමේ හෝ අලුත් ඇඳුම් ඇඳීමේ කියලා චාරිත්‍රයක් නෑ කියන එක මතක තියාගන්න. අලුත් ඇඳුමක් නැතිව වුණත් අවුරුදු සමරන්න අපිට පුළුවන් කමක් තියෙන්න ඕනි.

02. අලුත් බඩු ගැනීමෙන් වෙන්න තව අවුලක්

ඇඳුම් වලට වගේම මොනවා හරි අලුත් බඩුවක් ගෙදරට ගෙනත් තියන්න මේ දවස් වල කට්ටිය යොමු වෙලා තියෙනවා. ඒ අතර ප්ලාස්ටික් බඩු, වලන් වගේ දෙයක් හරි අඩුම ගාණෙ තියෙනවා. ඒ දේවල් ගේන්නෙ ඇත්තටම ඔයාට ඕනිම නිසාද කියලා විනාඩියක් නැවතිලා හිතන්නෙ. එහෙම හිතුවම ඔයාට තේරුම් යයි ගොඩක් දේවල් එහෙම අත්‍යාවශ්‍යම දේවල් නෙවෙයි කියන එක.

03.ගෙවල් අලුත් කරන්න

ගෙවල් අලුත් කරනව කියන එකෙන් අදහස් වෙන්නෙ තීන්ත ගාලා අලුත් දේවල් වලින් ගේ පුරවන එක නෙවෙයි. මකුළු දැල් කඩලා පිරිසිදු කරගන්න පුළුවන් නම් ඒකෙනුත් වෙන්නෙ ගේ අලුත් වෙන එක.

04. ශොපින් යනකොට අයවැය ගැන හිතන්න

ගොඩක් වෙලාවට ගෙදර මුදල් හසුරවන්නෙ ගෘහනිය. ඒ නිසාම අප්‍රේල් මාසෙ අවුරුද්ද ඉවර වුණාට පස්සෙ ගොඩක් අය ඉන්නෙ මුදල් හිඟකමින්. ඒ නිසාම මුදල් අතට ගත්තම අයවැය ගැන නිසි ආකාරව සැලකිලිමත් වුණොත් අවුරුද්ද සාර්ථකව නිම කරන්න ඔයාට පුළුවන්.

ඇත්තටම අවුරුදු කියන්නෙ අපි ගන්න අලුත් දේවල් නෙවෙයි, අපේ ආකල්ප අලුත් වෙන එකටයි.


News Articles
Latest Videos
Most Popular Post