ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ඌව, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලත් අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනි තැන සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100ක පමණ තද වැසි බලාපොරොත්තු වනවා. වැසි සමග ප්‍රබල අකුණු තත්ත්වයන් ද ඇති විය හැකියි. නැගෙනහිර පළාතේ හා මුලතිව් දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.
මේ දිනවල සුර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට ඍජුවම ඉහළින් පිහිටා තිබෙනවා. ඒ අනුව අද දිනයේ දී දහවල් 12.11 වන විට මහවැව, අලළුව, කදහපොල, උහුමීය, උඩගම, කන්දනුවර, ගිරාඳුරුකෝට්ටේ, එල්ලේගොඩ, ගල්මෙද හා පෙරිය නිලවානෙයි යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතිනු ඇතී.