News Line| Off Air
Generic placeholder image

Apr
10

විදුලි කප්පාදුව අදින් අවසන්

952 Views


විදුලි කප්පාදුව අදින් අවසන්

විදුලි කප්පාදුව අදින් අවසන් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සදහන් කලේ අද රාත්‍රියෙන් පසු යළි විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

පවතින අර්බුදය නිමා වන තුරු විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස අමාත්‍ය රවී කරුණානායක මහතා සදහන් කළා.ම්වියළි කාලගුණික තත්වයක් මත ජල විදුලි බලාගාර අවට ජලාශ වල ජල මට්ටම අඩු වීම හේතුවෙන් විදුලි අර්බුදයක් මතු වුණා.

ඊට විසදුම් ලෙස විදුලි කප්පාදුවක් ආරම්භ කලේ පසුගිය 25 වනදා සිටයි. දිවා කාලයේදී පැය 03ක් සහ රාත්‍රී කාලයේදී පැයක් වශයෙන් දිනකට පැය 04ක් විදුලිය කපා හැරීම සිදු වුණා.

විදුලි බල අමාත්‍යාංශය සදහන් කකලේ විදුලි අර්බුදයට අදියර තුනක් යටතේ විසඳුම් ලබාදීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් පිළියම් ඉදිරිපත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

මේ අතර ඉදිරි වසර 5 සඳහා විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් විදුලිබල බලශක්ති හා ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සම්බධයෙන් සාකච්ඡා කිරිමට කාලය අවශ්‍ය බවට ඇමැතිවරුන් ප්‍රකාශ කිරිම මත කැබිනට් සංදේශය සාකච්ඡා කිරිම මීළඟ කැනට් රැස්වීම පැවැත්වෙන ලබන 23 වැනි දාට කල් දමා තිබෙනවා.

කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි.


News Articles
Latest Videos
Most Popular Post