News Line| Off Air
Generic placeholder image

Apr
11

මාලදිවයිනේ සිටි ධීවරයින් 21ක් අද දිවයිනට

677 Views


මාලදිවයිනේ සිටි ධීවරයින් 21ක් අද දිවයිනට

මාලදිවයින බලධාරීන් භාරයේ පසුවු මෙරට ධීවරයින් 21 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතයි.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේඅදාල ධීවරයින් අද රාත්‍රියේ දිවයිනට පැමිණෙනු ඇති බවයි.

පසුගිය පෙබරවාරි මස 28 වනදා ධීවර කටයුතු සදහා පිටත්ව ගිය බහුදින යාත්‍රා දෙකක් සමඟ මෙම ධීවරයින් පිරිස ජාත්‍යන්තර මුහුදේ දී මාලදිවයින් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි. මෙම ධීවරයින් යළි දිවයිනට ගෙන්වා ගැනීම සදහා සිදු කල රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ගෙන්වා ගැනීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post