ඓතිහාසික නොට්‍රා ඩාම් දේවස්ථානයේ ඇති වූ ගින්න මුළු මහත් ලෝකයම ජාති ආගම් භේදයකින් තොරව කැළඹීමටත් ශෝඛයටත් පත් කරන ලද පුවතක් වුණා.
ශුද්ද වූ ජේසුතුමාගේ කටු ඔටුන්න මෙහි තැන්පත් කර තිබුණ අතර එම ඔටුන්න නිරුපද්‍රිතව බේරාග් ගැනීමට හැකි වුණා.
ඊට අමතරව එහි තැන්පත් කර තිබූ මිල කළ නොහැකි භාණ්ඩ බේරා ගැනීම වෙනුවෙන් හදිසි සේවාවක්ද ක්‍රියාත්මක කර තිබුණා.
මෙම දේවස්ථානයේ අභ්‍යන්තරය සෑදී තිබෙන්නේ දැව වලින් . ගින්නෙන් දේවස්ථාස්ථානය අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම ගිනි බත් වී තිබුණා. මේ ගොඩනැගිල්ල වසර 850 ක් පැරණියි.
රෝස කවුළු
13 වන සියවසට අයත් මෙම දේවස්ථානයේ තිබෙන රෝස කවුළු ලෝකයේම ආකර්ශනය දිනාගත් නිර්මාණයක්. මෙහි කුඩාම කවුළුව ක්‍රි.ව 1225 හී නිම කර ඇත.මීට පෙර ඇති වූ ගින්නකින් එහි මුල් වීදුරු කැටයමට හානි වී තිබුණා.
මෙවර ඇති වූ ගින්නෙන් රෝස කවුළු තුනට හානි සිදුවී නැති වුණත් ගොඩනැගිල්ලේ පවතින දුර්වල තත්වය නිසා ඊට හානියක් සිදු වේදැයි බලධාරීහු බිය පළ කරනවා.
ගොතික් කුළුණු
ක්‍රිස්තු වර්ෂ 1200 දී මේ කුළුණු ඉදි කිරීම ආරම්භ කර තිබෙනවා.එහි පළමු කුළුණේ වැඩ නිම කිරීමට වසර 40ක් ගත වී තිබෙනවා. ඉන් පසු වසර 10 කට පසු එනම් 1250 දී දෙවන කුළුණ නිම කර තිබෙනවා.
මෙම කුළුණු වල උස මීටර් 68ක්. එහි පඩි 387ක් තිබෙනවා.මුදුනටම නැග්ග විට මුළු පැරීසියම දර්ශනය වීම විශේෂත්වයක්.මෙම කුළුණු දෙකට ගිණ්නෙන් හානියක් වූ නොමැති බව බලධාරීන් පවසනවා.
ඝාණ්ටාර

මේ දේවස්ථානය තුළ ඝණ්ඩාර දහයක් තිබෙනවා. ඒ අතරින් බර වැඩිම ඝන්ටාරය ටොන් 23 ක් බරයි. ‘එම්මානුවෙල්’ ලෙස එය හඳුන්වනවා. 1685 වසරේදී මේ ඝණ්ටාරය දකුණු කුළුණේ සවි කර තිබෙනවා. ඒ සෑම ඝණ්ටාරයටම නමක් තිබෙනවා.
ගොතික් කොත
ගින්න හේතුවෙන් මෙම කොත විනාශ වී තිබෙනවා. මෙය 12 වන සියවස දක්වා ඓතිහාසික වටිනාකමකින් යුත්තයි.
මීට අමතරව විශාල වටිනාකමඉන් යුතු භාණ්ඩ රාශියක් මේ දේවස්ථානය තුළ තිබී තිබෙනවා. ජේසූස් වහන්සේද කටු ඔටුන්නද ඊට ඇතුළත්. ජේසූස් වහන්සේව කුරුසයට තබා ගැසූ ඇණයක්ද එහි තිබෙන බව නිලධාරීන් පැවසුවා.
නවවැනි ලුවිස් රජුගේ ඔටුන්න සහ ඔහුගේ කබායද එහි තැන්පත් කර තිබුණා. ඒවා ගින්නෙන් බේරා ගත් බව නිවේදනය කළත් ඇතැම් භාණ්ඩ විනාශ වී තිබුණා.