උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මකයි. ලංගම බස් රථ සේවා වැඩි වශයෙන් ධාවනයට යොදා ඇති බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ.
කෙටි දුර ගමන් සේවා වලට මෙන්ම දිගු දුර ගමන් සඳහා ද මේ වන විට ප්‍රවාහයන සේවා ක්‍රියාත්මක වනවා. සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ජාතික ගමනාගමන කොමිසම ද පැවසුවා.
බස් රථ වලින් වැඩි මුදලක් අය කරන්නේ නම් දැනුම් දෙන ලෙයසි එම කොමිෂන් සභාව සදහන් කලේ. බස් රථ සදහා සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිළධාරීන් ද යොදවා තිබෙනවා.
ඒ ඇතැම් බස් රථ රියදුරන් බීමතින් රිය ධාවනය කරන බවට ලද පැමිනිලි සැළකිල්ලට ගනිමින්. දුම්රිය සේවාවද සාමාන්‍ය කාල සටහනට අනුව ක්‍රියාත්මක කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනා ගමන අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සදහන් කලේ.