News Line| Off Air
Generic placeholder image

Apr
17

අභිරහස් ලෙස මිය ගිය විශාල දිවියෙකුගේ මළ සිරුරක් සොයා ගනියි

837 Views


අභිරහස් ලෙස මිය ගිය විශාල දිවියෙකුගේ මළ සිරුරක් සොයා ගනියි

දිඹුල-පතන පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල දිවියෙකුගේ මළ සිරුරක් අද (17) පෙ.ව. 08.00 ට පමණ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් විසින් සොයාගෙන ඇත.

මෙම දිවි මළ සිරුරු අසල තිබී හිස හා කකුළක් පමණක් ඉතිරිව ඇති සුනඛයෙකුලේ මළ සිරුරක්ද හමු වී ඇත. මෙම දිවියා මියගොස් දින දෙකක් පමණ වන බවට වතු කම්මකරුවන් සැක කරනු ලබයි.

මෙම දිවියා කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවට සැක කරන බව වතු කම්කරුවෝ පවසති. දිවි මළ සිරුර දිමුල-පතන පොලීසිය මගින් නුවරඑළිය වන ජීවී කාර්යාලයට භාර දීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post