දෙවන පාසල් වාරය සඳහා රජයේ දෙමළ හා සිංහල මාධ්‍ය පාසල් ලබන 22 වැනි දා විවෘත කිරීමට නියමිතයි.
සියලු පාසල් පරිශ්‍රවල අද සහ හෙට ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පාසල් පරිශ්‍ර ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීම මෙහි අරමුණ බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව මෙම වැඩපිළිවෙලේදී දෙමාපියන්ගේ සහභාගීත්වය ඇතිව පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීම මෙන්ම දුමායන කටයුතු කිරීමට ද සැලසුම් කර ඇති බවයි වෛද්‍යවරිය ප්‍රකාශ කළේ.
පාසල් පරිශ්‍ර මෙන්ම පෞද්ගලික පරිශ්‍ර තුළ මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර පිරිසිදු කරන ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.
මේ මාසයේ ගත වූ දින 19 තුළ ඩෙංගු රෝගීන් 1 008 ක් වාර්තා වී තිබෙනවා.
වසරේ හදුනාගෙන ඇති මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 13,975 ක්.ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කොළඹ ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්ක වලින්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 3 126 දෙනෙකු වාර්තා වී තිබෙනවා.