News Line| Off Air
Generic placeholder image

Apr
20

අපි මන්ත්‍රීවරුන්ට එක සමානව සැළකුවා

475 Views


අපි මන්ත්‍රීවරුන්ට එක සමානව සැළකුවා

නුවරඑළියේ පැවැති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව කුමන මැතිවරණයකට වුවද සාර්ථකව මුහුණදීමට සූදානම් බවත්, තම කාලයේදී සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකූ බවත් විපක්ෂානයක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග  එකඟතාවයකට පැමිණීමට තවම සාකච්ඡා කරමින් පවතිනවා. ජනාධිපති මැතිවරණයට කොයි අපේක්ෂකයා ඉදිරිපත් වුණත් ජනතාව බුද්ධිමත් තීරණයක් ගන්නවා.

දැන් ජනතාවට හිතන්න කාලය ඇවිත් තියෙනවා. අපේ කාලයේ නුවරඑළිය මහ රෝහල ඉදිකළා මේ අයට ඒකට ඇඳන් ටික දාල විවෘත්ත කර ගන්න තවම බැරි වෙලා තියෙනවා.

පළාත් සභා මැතිවරණය තමයි එන්න ඕන. ජනාධිපති මැතිවරණය තමයි ඊළඟට බලාපොරොත්තු වෙන් ඕන. නීත්‍යානුකූලව ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුයි.  මොන මැතිවරණය ආවත් අපි ඒකට සාර්ථකව මුහුණ දෙන්න සූදානම්. මම සෑම මන්ත්‍රීවරයෙකුටම එක හා සමානව සැලකුව”

 


News Articles
Latest Videos
Most Popular Post