අද දිනයේ සිදු වූ පිපිරීම් වලට අදාල කරුණු කලින්ම දැනුවත් කර තිබිය දී මෙවැනි සිදුවීමක් කෙසේ සිදුවුයේ යන්න දැයි මේ වන විට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇතැයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේය. මීට සතියකට පෙර ආරක්ෂක අංශ මේ පිළිබඳව දැනුවත්ව තිබූ බව මාධ්‍යවේදියෙකු කල ප්‍රශ්න කිරීමකදී කියා තිබෙනවා.
උදේ පටන් සමාජ ජාලා හරහා බෙදා හැරුනු ලිපි සත්‍ය බවත්, ඒ පිළිබදව අදාල පුදගලයන් ඔවුන්ගෙ වගකීම පැහැර හැර ඇති බවත් ඔවුන් සම්භන්දයෙන් දැඩි තීරණ ගන්නා බවත් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම සති තුනක පටන් රෝහල් ගතව සිටින තම පියා ඊයේ දිනයේ දී තමන්ට මෙම සිද්දි පිලිබදව දැනුවත් කළ බවත් ඇමතිතුමා සඳහන් කර තිබුනා. මෙම සිද්දිය ඔහුගේ පියා කලින්ම දැන ගත්තේ කෙසේද යන්න ඔහුටත් ගැටලුවක් බව කියා තිබෙනවා.