News Line| Off Air
Generic placeholder image

Apr
22

පිපිරීම් සම්බන්ධයෙන් 09ක් අත්අඩංගුවට

534 Views


පිපිරීම් සම්බන්ධයෙන් 09ක් අත්අඩංගුවට

ඊයේ දින සිදු වූ දිවයිනේ විවිධ ප්‍රදේශ වලට අදාල පිපිරීම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනෙකු මැයි මස 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා අද (22) නියෝග කළා.

ඔවුන් අතර අතර මුස්ලිම් ජාතිකයන් හත් දෙනෙකු, සිංහල ජාතිකයකු සහ දමිළ ජාතිකයකු සිටින බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුළ සිදු කල මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමට සම්බන්ධ වූ ඉන්සේන් සීලවන් නැමැත්තාගේ බිරිඳ සහ ළමයා දෙමටගොඩ මහවිල පාරේ නිවසක සිදු වූ බෝම්බ පිපිරීමෙන් මිය ගොස් ඇති බව මෙහිදී අධිකරණයට පොලිසිය දැනුම් දෙනු ලැබුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉන්සේන් සීලවන් නැමැත්තාට අයත් කර්මාන්ත ශාලාවක සේවය කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

මේ අතර එහි සේවයේ යෙදී සිටි ඉන්දීය හා පකිස්තාන ජාතිකයින් 30කට ආසන්න පිරිසක් ද පරීක්ෂාවට ලක් කෙරුණු බවයි පොලීසිය පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post