News Line| Off Air
Generic placeholder image

Apr
23

දෙවන ප්‍රහාරයක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි

7402 Views


දෙවන ප්‍රහාරයක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි

මෙරට තුල ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් ඉදිරියේදී යළිත් ප්‍රහාර දියත් කිරීමේ අවධානමක් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ ශ්‍රී ලංකා බලධාරීන්ට අනතුරු අඟවා ඇති බවට ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබුණේ. මේ පිළිබදව ලිපියක් Hindustan Times වෙබ් අඩවියේද පලකර තිබුණා.

ජාතික තව්හිත් ජාමාත් නම් ඉස්ලාමිය අන්තවාදී සංවිධානයේ ජාල් අල්-කුයිටාල් හෙවත් රිල්වාන් නැමැත්තා ඇතුළු පිරිස මෙම ප්‍රහාර එල්ල කිරීමේ සුදානමක් පවතින බවයි එම වාර්තා වලින් දැක්වෙන්නේ. එමෙන්ම පසුගිය ඉරිදා එල්ල කරනු ලැබූ ප්‍රහාරයෙන් මියගිය ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නමැත්තා ගෙන් හිස්වූ එම සංවිධානයේ නායකත්වය ගැනීමට සහ සංවිධානයේ ඉදිරි කටයුතු මෙහෙය වීම සඳහා ඔහුගේ මස්සිනා වන නවුෆර් මවුලවි නැමැත්තා කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබෙන බවට වාර්තා වෙනවා.

මේ අතර ඉන්දියාවේ සිට ක්‍රියාත්මක “තමිල්නාඩු තව්හිත් ජමාත් සංවිධානයේ” ප්‍රධානින් සහ එහි ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් එරට බුද්ධි අංශ දැඩි අවධානයෙන් පසුවන බවයි එම වාර්තා වලින් දැක්වෙන්නේ.ජාතික තව්හිත් සංවිධානය සහ ඓS සංවිධානය අතර සෘජු සම්බන්ධකම් පවතින බවට වන තොරතුරුද මේ වන විට අනාවරණය වෙමින් පවතින බවත් මිට අමතරව ඉන්දීය බුද්ධි අංශ සහ එරට ආරක්ෂක අංශ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත අවශ්‍ය සියලුම බුද්ධි සහයන් ලබාදීමට කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post