News Line| Off Air
Generic placeholder image

Apr
24

“අපට ඇත්තේ කෝපයක් පමණයි ඔවුන්ට සැමදේම තිබුනා” – පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුගේ මස්සිනා කියයි

4550 Views


“අපට ඇත්තේ කෝපයක් පමණයි ඔවුන්ට සැමදේම තිබුනා” –  පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුගේ මස්සිනා කියයි

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයේ එක් ප්‍රධාන සැලසුම්කරුවෙක් වන ඉන්ෂාෆ් අහමඩ් මහනුවර ප්‍රදේශයේ ඉපදී ඇති අතර ඔහු කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇති බව ඔහුගේ බිරිඳගේ සොහොයුරා වන අෂ්කාන් අලාම්දින් බ්‍රිතන්‍යයේ ඩේලි මේල් වෙබ් අඩවියට ප්‍රකාශයක් ලබා දෙමින් කියා තිබෙනවා. ඔහු පවසන ආකාරයට

” ඔහු අපේ පවුල විනාශ කළා පමණක් නොවෙයි ලොවපුරා සිය ගණනක් පුද්ගලයින්ගේ ජිවිත විනාශ කළා. ඔහු කුමක් සිදුකරන්න යනවාද කියා අප දැනන් හිටියේ නැහැ. එහෙම දැනුවත් වීමක් තිබුන නම් අපි ඒ ගැන පොලිසිය දැනුවත් කරනවා. මේ ප්‍රහාරය ඉන්ෂාෆ් පමණක් සිදුකලේ නැහැ, ඔහු අපේ අනෙක් සොහොයුරා වන “ඉල්හාම්” වත් එයට සම්බන්ධ කරගෙන තිබෙනවා. ඔවුන් පිළිබදව අපට කණගාටුවක් නැහැ. ඇත්තේ කෝපයක් පමණයි. ඔවුන්ට සැමදේම තිබුනා.  මේ සිදුවීමට පෙර ඔහු සිය බිරිඳට කියා තිබෙනවා තමන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා සැම්බියාවට යන බව. ඒ අනුව ඔහුගේ බිරිඳ ඉන්ෂාෆ් අහමඩ්ව ඉකුත් සිකුරාදා ගුවන් තොටුපළට ගොස් ඇරලවා තිබෙනවා. ඒ පස්වරු 6.50 ට පිටත්වීමට තිබෙන බවට සඳහන් කළ ගුවන් යානයට. එහිදී ඉන්ෂාෆ් සිය බිරිඳට සමුදී ඇත්තේ වෙනස්ම ආකාරයටයි. ඔහු ඇයව තදින් බදාගෙන ඇයගේ බෙල්ල ස්පර්ශ කරමින් සිටියා. ඔයා ශක්තිමත්ව ඉන්න ඕනේ, එය වෙනස්ම ආකාරයේ සමුගැනීමක්. පසුව මෙම බෝම්බකරු පසුගිය ඉරිදා උදෑසන 7.30ට පමණ සිය බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී ඇයගේ සැපදුක විමසා තිබෙනවා. කවුද සිතුවේ ඉන් පැයකට පසුව ඔහු මෙවන් දෙයක් සිදුකරයි කියා” අෂ්කාන් අලාම්දින් වැඩිදුරටත් කියා සිටියා.

මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබූ ඉන්ෂාෆ් අහමඩ් හට සොහොයුරු සොහොයුරියන් 09 දෙනෙක් සිටින බවත් ඔහුගේ පියා මෙරටට කුළු බඩු ගෙන්වන සහ අපනයනය කිරීමේ ව්‍යාපාරිකයෙක් බව අෂ්කාන් වැඩි දුරටත් සදහන් කර තිබුණා.

මෙම ප්‍රහාරයෙන් පසුව පොලිසිය විසින් ඉන්ෂාෆ්ට අයත් කොළඹ වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ශාලාව පරික්ෂාවට ලක් කොට එහි කළමනාකරු, සුපවයිසර්වරයා, තාක්ෂණික කටයුතු පිළිබද නිලධාරියා ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

බ්‍රිතන්‍යයේ ඩේලි මේල් වෙබ් අඩවියට එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු අදහස් දක්වමින් ප්‍රකාශකර තිබුණේ ” ඔහු දැඩි ඉස්ලාමිය භක්තිකයෙක් ලෙස ඇඳුම් ඇද සිටි අයෙක් නොවෙයි. කර්මාන්ත ශාලාවට පැමිණියත් ඔහු කතා කරන්නේ කළමනාකරු සමග පමණයි, හැබැයි ඔහු කිසි විටක තමන්ගේ ජයාරූප ගැනීමට කිසිවෙකුට ඉඩ ලබා දුන්නේ නැහැ. ඔහු කිව්වේ තමාගේ ආගමික විශ්වාසයට අනුව එය විරුද්ධ දෙයක් බවයි”


News Articles
Latest Videos
Most Popular Post