වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල නවතා තැබූ සැක කටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමට පියවර ගත් ආරක්ෂක අංශ එහි යම් කිසි පිපිරවීමක් සිදු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකර සිටියේ ආරක්ෂක අංශ විසින් එහි ආසනය විවෘත කිරීමට මෙම පිපිරවීම සිදුකර ඇති බවත් ප්‍රදේශවාසීන්ට ඒ සම්බන්දව බිය විය යුතු නැති බවයි. එමෙන්ම අප වාර්තාකරුවන් පවසා සිටියේ එම ස්ථානය යථා තත්වයට පත්කර ඇති බවත් ගමනාගමනයට කිසිදු බාධාවක් එල්ල වී නොමැති බවයි.