නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ලබන 28 වනදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව ආපදා කළමනකාරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියා.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේ.
මේ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.