කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.පොලිසිය පවසන්නේ ඊයේ (26) රාත්‍රීයේ එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති බවයි.
පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාව එක්ව එම ප‍්‍රදේශයේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කළේ ඉන් පසුවයි. එම අවස්ථාවේ පිපිරීම් කිහිපයක් සිදුවූ බවද වාර්තා වුණා. දෙපාර්ශවය අතර හටගත් වෙඩි හුවමාරුවලින් ත‍්‍රස්ත සාමාජිකයන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි යුද හමුදාව පැවසුවේ. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ හිසක් සහ ටී 56 ගිනි අවියක් අතැතිව මියගොස් සිටි අයෙකුගේ සිරුරක් යුද හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.
කෙසේ නමුත් මෙම සිද්දියෙන් ආරක්ෂක අංශ සාමාජිකයන්ට අනතුරක් නැති බවයි මේ වන විට වාර්තා වෙන්නේ.
කල්මුණේ, සමන්තුරෙයි සහ චවලකඩෙයි යන පොලිස් බල ප‍්‍රදේශවලට තවදුරටත් පොලිස් ඇදිරි නීතිය කි‍්‍රයාත්මක බව පොලීසිය පවසනවා. දිවයිනේ සෙසු ප‍්‍රදේශවලට පනවා තිබූ ඇදිරි නීතිය අද අළුයම හතරේ සිට ඉවත් කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.