News Line| Off Air
Generic placeholder image

Apr
27

සුළි කුණාටුවක අනාවැකි

1605 Views


සුළි කුණාටුවක අනාවැකි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පීඩන අවපාතය අද පෙ.ව 02.00 වන විට පොතුවිල් සිට ගිනිකොණ දෙසින් කි.මී 800 පමණ දුරින් උතුරු අක්ෂාංශ 4.0 ත් නැගෙනහිර දේශාංශ 88.1 ත් ආසන්නව ස්ථානගතව පවතීන බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව ප්‍රකාශකර සිටියා.මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පසුව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යයි බලාපොරොත්තු කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයෙන් වයඹ දෙසට ගමන් කර අප්‍රේල් මස 30 වන විට උතුරු තමිල්නාඩු වෙරල වෙත ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද වලාකුළින් බරව පවතිනු ඇත. බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති වේ. සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇතිවිය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්දයෙන් නිකුත් කරන නිවේදන ගැන සැලකිලිමත්වන ලෙස ජනතාවට දන්වා සිටී.


News Articles
Latest Videos
Most Popular Post