එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත වරක් සලකා බලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලිපියක් මගින් ඉල්ලා සිටින බවයි සියත 24 වෙත වාර්තා වෙන්නේ.එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ක්‍රිකට් කණ්ඩායම ද ත්‍රස්තවාදීන්ගේ මූලික ඉලක්කයන් අතර වන බවට බුද්ධි අංශ තොරතුරු ලැබී ඇති බැවින් මේ ඉල්ලීම සිදු කල බවයි.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන සෑම රටකම කණ්ඩායම් සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දුන්න ද පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඊට වඩා ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා තිබෙනවා.